Bybit මත වෙළඳාමක් විවෘත කරන ආකාරය
AI Summary
Show More
Quickly grasp the article's content and gauge market sentiment in just 30 seconds!
ඔබේ වෙළඳ ගමන ආරම්භ කිරීමට බලා සිටීමට බැරි ද? Bybit මත ඔබේ පළමු වෙළඳාම ආරම්භ කිරීමට උපකාර වන සවිස්තරාත්මක ක්‍රියාපටිපාටි මාර්ගෝපදේශයක් මෙන්න.
Bybit ඔබට ප්‍රධාන වෙළඳ නිෂ්පාදන වර්ග දෙකක් පිරිනමයි: ස්පොට් වෙළඳාම සහ ඩෙරිවෙටිව්ස් වෙළඳාම.
ප්‍රධාන කරුණු:
Bybit ප්‍රධාන වෙළඳ නිෂ්පාදන වර්ග දෙකක් පිරිනමයි — ස්පොට් වෙළඳාම සහ ඩෙරිවෙටිව්ස් වෙළඳාම.
ඩෙරිවෙටිව්ස් වෙළඳාම යටතේ, ඔබට USDT සහ USDC පර්පෙචුවල්ස්, ඉන්වර්ස් පර්පෙචුවල්ස්, USDT සහ USDC ෆියුචර්ස්, ඉන්වර්ස් ෆියුචර්ස් සහ USDT සහ USDC ඔප්ෂන්ස් අතරින් තෝරා ගත හැකි ය. (සටහන: Bybit 2025 පෙබරවාරි 26 සිට නව USDC ඔප්ෂන්ස් නිකුත් කිරීම නතර කර ඇත. පවතින ගිවිසුම් කල් ඉකුත් වන තෙක් වෙළඳාම් කළ හැකි ය.)
ස්පොට් වෙළඳාම
වෙළඳ යුගල තෝරන්න
පියවර 1: ඔබ ඔබේ Bybit ගිණුමට ලොග් වූ පසු, නාවිගේෂන් තීරුවේ ඇති වෙළඳාම බොත්තම මත කර්සරය තබා ස්පොට් මත ක්ලික් කරන්න.

පියවර 2: ඩ්‍රොප්ඩවුන් මෙනුව මත කර්සරය තබා, පිටුවේ වම් පැත්තේ ඔබේ කැමති වෙළඳ යුගලය තෝරන්න. ඔබට අදාළ වෙළඳ යුගලවල අවසන් වරට වෙළඳාම් කළ මිල සහ පැය 24ක වෙනස් වීමේ ප්‍රතිශතය ද දැක ගත හැකි ය. ඔබට බැලීමට අවශ්‍ය වෙළඳ යුගලය ඇතුළු කිරීමට, එය සෙවුම් කොටුව මත ටයිප් කරන්න.

ඉඟිය: නිතර බලන වෙළඳ යුගල ප්‍රියතමයන් තීරුවේ තැබීමට තරු නිරූපකය මත ක්ලික් කරන්න.
ඔබ යම් වෙළඳ යුගලයක් අසල 10x ලේබලයක් දුටුවහොත්, එයින් පෙන්නුම් කරන්නේ එම වෙළඳ යුගලයට ස්පොට් මාජින් වෙළඳාම සඳහා සහය දක්වන බවයි.

ඔබේ ඇණවුම තබන්න
Bybit ස්පොට් වෙළඳාම සමග විවිධ වර්ගයේ ඇණවුම් තිබේ. මෙතැනින් තවත් දැනගන්න.

වෙළඳපල ඇණවුමක් නිදර්ශනයක් ලෙස භාවිත කරමින්, පහත පියවර අනුගමනය කර ස්පොට් ඇණවුමක්ක් සාදන්න.
පියවර 1: ඔබ ස්පොට් ටැබය තුළ සිටින බව සහතික කර ගන්න. ඉන්පසු, වත්කමක් මිල දී ගැනීමට හෝ විකිණීමට තෝරන්න.

පියවර 2: ඔබේ ඇණවුමේ අගය හෝ ප්‍රමාණය ඇතුළත් කරන්න. ඔබ සීමිත ඇණවුම සහ කොන්දේසි සහිත ඇණවුම වැනි වෙනත් ඇණවුම් වර්ග හරහා ඔබේ ඇණවුම තබන්නේ නම්, ඔබට ඔබේ ඇණවුම් මිල හෝ ප්‍රේරක මිල ඇතුළත් කිරීමට අවශ්‍ය වනු ඇත.
වෙළඳපල මිල දී ගැනීමේ සහ වෙළඳපල විකිණීමේ ඇණවුම් සඳහා, පෙරනිමිය වන්නේ අගය අනුව (වෙළඳපල මිල දී ගැනීම) සහ ප්‍රමාණය අනුව (වෙළඳපල විකිණීම) ඇණවුමක් තැබීමයි. අගය ක්ෂේත්රයේ ඇති පතන ඊතලය මත ක්ලික් කිරීමෙන් ඔබේ ඇණවුම තැබීමේ මනාපයන් මාරු කිරීමට ඔබට අගය අනුව ඇණවුම් කිරීම හෝ ප්‍රමාණය අනුව ඇණවුම් කිරීම තෝරාගත හැකි ය.


වෙළඳපල මිල දී ගැනීමේ හෝ වෙළඳපල විකිණීමේ ඇණවුමක් තැබීම සඳහා ඔබ ලබා ගත හැකි ශේෂයෙන් 100%ක් තෝරා ගන්නා විට, ප්‍රදර්ශනය වන උපරිම මුදල හෝ ප්‍රමාණය සහ අපගේ පද්ධතිය විසින් ගණනය කරනු ලබන අගය හෝ ප්‍රමාණය අතර සුළු වෙනසක් තිබිය හැකි බව කරුණාවෙන් සලකන්න. මෙම වෙනස විභව වෙළඳපල මිල වෙනස්වීම්වලට එරෙහිව බෆරයක් ලෙස ක්‍රියා කරයි. එමගින්, මිල සුළු වශයෙන් උච්චාවචනය වුවද ඔබේ ඇණවුම සුමටව තැබෙන බව සහතික කරයි.
පියවර 3: තහවුරු කිරීමේ කවුළුවක් මතු වනු ඇත. ඔබ ඔබේ ඇණවුම් තොරතුරු තහවුරු කළ පසු, මිල දී ගැනීම හෝ විකිණීම මත ක්ලික් කරන්න.

සුභ පැතුම්! ඔබේ ඇණවුම සාර්ථකව තැබී ඇත.
ඔබේ ඇණවුම බලන්න
ඔබට ඔබේ වත්මන් පිරවී නොමැති හෝ ප්‍රේරිත නොවූ ඇණවුම් ඕපන් ඕඩර්ස් ටැබය මත බැලිය හැකි ය. ඔබට සියලුම වෙළඳ යුගල හරහා පවතින සියලුම ඇණවුම් බැලීමට අවශ්‍ය නම්, සියලුම වෙළඳපොළවල් කොටුවට ටික් කරන්න.

ඔබේ ඇණවුම් මිල, ප්‍රේරක මිල හෝ ඇණවුම් ප්‍රමාණය වැනි විස්තර සංස්කරණය කිරීමට, ඔබේ ඇණවුම් පරාමිතිය අසල ඇති පැන්සල් අයිකනය මත ක්ලික් කරන්න.

පසුගිය මාස හය (6) තුළ වාර්තා 50ක් දක්වා බැලීමට ස්පොට් වෙළඳාම පිටුවෙහි ඇති ඇණවුම් ඉතිහාසය හෝ වෙළඳ ඉතිහාසය ටැබයට මාරු වන්න. ඕපන් ඕඩර්ස් මෙන්ම, සියලුම වෙළඳ යුගල වලින් ඇණවුම් ඉතිහාසය හෝ වෙළඳ ඉතිහාසය බැලීමට සියලුම වෙළඳ යුගල පෙන්වන්න කොටුවට ටික් කළ හැකි ය.

පසුගිය මාස හය (6) කට වඩා පැරණි වාර්තා බැලීමට, සියලුම ඇණවුම් ටැබය මත ක්ලික් කර සියලුම ඇණවුම් පිටුවට යන්න.

ඔබේ ඇණවුම අවලංගු කරන්න
ඔබට ස්පොට් ඇණවුම් අවලංගු කිරීමට අවශ්‍ය නම්, ඕපන් ඕඩර්ස් ටැබයට ගොස් අවලංගු කරන්න මත ක්ලික් කරන්න.
විකල්පයක් ලෙස, ඉහළ දකුණු කෙළවරෙන් සියල්ල අවලංගු කරන්න තේරීමෙන් සියලුම ඇණවුම් අවලංගු කළ හැකි ය. ඔබ සියලු වෙළඳ යුගල පෙන්වීමේ විකල්පය තෝරාගෙන තිබේ නම්, සියල්ල අවලංගු කරන්න මත ක්ලික් කිරීමෙන් සියලුම වෙළඳ යුගලවල ඇණවුම් අවලංගු වන බව සැලකිල්ලට ගැනීම වැදගත් ය.

ව්‍යුත්පන්න වෙළඳාම
Bybit ඔබට 100x දක්වා ලීවරකරණය සමග ෆියුචර්ස්, ඔප්ෂන්ස් සහ පර්පෙචුවල් ගිවිසුම් වෙළඳාම් කිරීමට ඉඩ ලබා දෙයි.
ෆියුචර්ස් වෙළඳාම සඳහා
ඇණවුමක් තැබීම/පොසිෂන් එකක් විවෘත කිරීම කෙසේද.
පියවර 1: ඔබේ වෙළඳ ද්වාර පිටුවෙන්, ට්‍රේඩ් ටැබය මතට කර්සරය ගෙන ගොස් ඉන්පසු ෆියුචර්ස් මත ක්ලික් කරන්න.ඔබව ප්‍රධාන ඩෙරිවෙටිව්ස් වෙළඳ ද්වාරය වෙත ගෙන යනු ඇත.

වෙළඳ තිරය මත, ඔබට ඔබේ ප්‍රස්ථාර සඳහා ස්ටෑන්ඩර්ඩ් සහ ට්රේඩින්වීව් යනුවෙන් ප්‍රධාන දසුන් දෙකක් අතරින් තෝරා ගත හැකි ය.

පියවර 2: ඔබට ආකාර දෙකකින් (2) පොසිෂන් එකක් විවෘත කළ හැකි ය.
ලිමිට් හෝ මාකට් ඇණවුම් ඉක්මනින් තැබීමට ඔබට ට්‍රේඩින් චාර්ට් මත ඇති ක්වික් ට්‍රේඩින් ක්‍රියාකාරකම් භාවිත කළ හැකි ය.

විකල්පයක් ලෙස, ඔබට දකුණු පසින් ඇති ඇණවුම් කලාපයෙහි මූලික සහ උසස් ඇණවුම් තැබිය හැකි අතර, ඔබේ වෙළඳ උපක්‍රමය මත පදනම්ව සෑම ඇණවුමක් සඳහා ම සැකසුම් පුද්ගලීකරණය කළ හැකි ය.

මාජින් මෝඩ් සහ ලෙවරේජ්

ඔබේ ඇණවුම සඳහා භාවිත කිරීමට අවශ්‍ය මාජින් මෝඩ් සහ ලෙවරේජ් සකසන්න. පෙරනිමි ඇණවුම වන්-වේ මෝඩ් මත 10x ලෙවරේජ් සමග ක්‍රොස් මාජින් භාවිත කරනු ඇත. පෙරනිමියෙන් සක්‍රීය කර ඇති ක්‍රොස් මාජින් ට අමතරව, ඔබට අයිසොලේටඩ් මාජින් සහ පෝට්ෆෝලියෝ මාජින් ද භාවිත කළ හැකි ය. උපරිම අවසර ලත් ලෙවරේජ් එක විවිධ අවදානම් සීමා මට්ටම් අනුව වෙනස් වේ. ඔබ ලෙවරේජ් එක වෙනස් කළ පසු, අදාළ පොසිෂන් එක සඳහා වෙන් කර ඇති ආරම්භක මාජින් සහ නඩත්තු මාජින් ඒ අනුව වෙනස් වේ. විවිධ මාජින් මෝඩ් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙහි ක්ලික් කරන්න.
ඇණවුම් වර්ගය
ඔබ තැබීමට බලාපොරොත්තු වන ඇණවුම් වර්ගය තෝරන්න, එවිට ඇණවුම් කලාපය මගින් ඒ අනුව පිරවිය යුතු අදාළ ක්ෂේත්‍ර පෙන්වනු ඇත.
මිල සැකසුම්
ඔබේ ඇණවුම් වර්ගය අනුව, ඇණවුම් මිල සහ ප්‍රේරක මිල (trigger price) වැනි විවිධ මිල ගණන් සැකසීමට ඔබට සිදුවනු ඇත.
ඇණවුමේ ප්‍රමාණය
ඔබේ ඇණවුමේ ප්‍රමාණය ඇතුළත් කරන්න. ඔබට ඔබේ ඇණවුම ප්‍රමාණය අනුව, පිරිවැය අනුව (මූලික මාජින් + විවෘත කිරීමට සහ වැසීමට වන වෙළඳ ගාස්තු ලෙස ගණනය කෙරේ), හෝ ඇණවුමේ වටිනාකම අනුව (අවශ්‍ය මාජින් සහ තෝරාගත් ලෙවරේජ් මගින් ව්‍යුත්පන්න වන) තැබිය හැකි ය. තෝරාගත් ඇණවුම් තැබීමේ අභිප්‍රේතය අනුව, පහත කොටුවේ අනෙකුත් විකල්ප දෙක (2) සහ දිශාවන් දෙකෙන්ම ඇණවුමේ ප්‍රමාණය ඔබට දැකගත හැකි ය.

TP/SL
මෙම විකල්පය තෝරා ගැනීමෙන් ඔබේ ඇණවුම සඳහා TP/SL සකසන්න. ඔබේ ඇණවුම සම්පූර්ණ වූ පසු, පද්ධතිය මගින් පෙර-සැකසූ TP/SL ඇණවුම ස්වයංක්‍රීයව තබනු ඇත. ඔබට වෙනස්කම් කිරීමට අවශ්‍ය නම්, ඔබේ සම්පූර්ණ නොවූ සීමිත ඇණවුම්වල TP/SL යාවත්කාලීන කිරීමට ඕපන් ඕඩර්ස් ටැබයට හෝ ඔබේ විවෘත පොසිෂන් හි TP/SL යාවත්කාලීන කිරීමට පොසිෂන්ස් ටැබයට යා හැකි ය.
ඇණවුම් සැකසුම්
ලිමිට් සහ කොන්දේසි සහිත ඇණවුම සඳහා, ඔබේ වෙළඳ උපාය මාර්ගයට වඩා හොඳින් ගැළපීමට අමතර ඇණවුම් සැකසුම් තෝරා ගත හැකි ය:
ඔබට ඇණවුමේ ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ගය GTC (අවලංගු-කරන-තෙක්-වලංගු IOC (වහාම-හෝ-අවලංගු කිරීම) සහ FOK (පිරවීම-හෝ-අවලංගු කිරීම) අතරින් තෝරා ගත හැකි ය. පෙරනිමි time in force වනුයේ අවලංගු-කරන-තෙක්-වලංගු ය.
ලිමිට් ඇණවුම් ටේකර් ඇණවුම් ලෙස සම්පූර්ණ වීම වැළැක්වීමට ඔබට පෝස්ට්-ඔන්ලි විකල්පය තෝරා ගත හැකිය. පෙරනිමියෙන්, වෙළඳපල ඇණවුම් ටේකර් ඇණවුම් ලෙස ක්‍රියාත්මක වන බැවින් පෝස්ට්-ඔන්ලි විකල්පය ලබා ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න.
ඔබ වන්-වේ මෝඩ් මත වෙළඳාම් කරන්නේ නම්, ඔබේ ඇණවුම වැසීමේ හෝ අර්ධ වශයෙන් වැසීමේ ඇණවුමක් ලෙස ක්‍රියා කරන බව සහතික කිරීම සඳහා, ඔබට රිඩියුස්-ඔන්ලි විකල්පය සමග සීමිත ඇණවුමක් හෝ ක්ලෝස් ඔන් ට්‍රිගර් විකල්පය සමග කොන්දේසි සහිත ඇණවුමක් තැබිය හැකි ය.
ස්ථාන දිශාව
ඔබේ ඇණවුම සකස් කර ඇතුළත් කළ තොරතුරු තහවුරු කළ පසු, ඇණවුම සම්පූර්ණ කිරීමට ලෝන්ග්/ෂෝර්ට් බොත්තම් මත ක්ලික් කළ හැකි ය.
ඉන්පසු, ඇණවුම පද්ධතියට ඇතුළු වීම හෝ ප්‍රේරිත (triggered) වන තෙක් බලා සිටීම සිදුවේ. වහාම ක්‍රියාත්මක වූ ඇණවුමක් අවලංගු කළ නොහැකි ය. නමුත් ඔබේ ස්ථාන වගුවේ ඇති ඕපන් ඕඩර්ස් ටැබයට ගොස්, පොරොත්තු ඇණවුමක් වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට හැකි ය.
ඔබේ ස්ථානයේ මාජින් සකස් කරන්නේ කෙසේ ද?
ඔබ අයිසොලේටඩ් මාජින් මෝඩ් යටතේ සිටින විට, ඔබට ස්ථානයක මාජින් මෝඩ් එක් කිරීමට හෝ අඩු කිරීමට හැකි ය. එසේ කිරීමට, පොසිෂන්ස් ටැබය යටතේ ඇති පැන්සල් අයිකනය මත ක්ලික් කර, ස්ථානය සඳහා භාවිත කිරීමට නව මූලික මාජින් ඇතුළත් කරන්න.

ස්ථානයට අමතර මාජින්එ එක් කළ විට, ස්ථානය විවෘත කිරීමට භාවිත කළ ලෙවරේජ් එකටත්, ඇණවුම් කලාපයේ ඇති ලෙවරේජ් එකටත් බලපෑමක් සිදු නොවේ. නව පොසිෂන් මාජින් මත පදනම්ව, ස්ථානයේ ලික්විඩේෂන් ප්‍රයිස් නැවත ගණනය කරනු ලැබේ. ගැලපීම තහවුරු කිරීමට පෙර, වෙළඳුන්ට සකස් කළ ලික්විඩේෂන් ප්රයිස්පෙ රදසුන් කළ හැකි ය.
සලකුණු මිල පරීක්ෂා කරන්නේ කෙසේ ද?
සලකුණු මිල යන්නෙන් අදහස් වන්නේ, ක්‍රමයෙන් අඩුවන අරමුදල් පදනම් අනුපාතයක් (decaying funding basis rate) සමග ගෝලීය ස්පොට් මිල දර්ශකයකි. මෙය ප්‍රධාන හුවමාරු හරහා නිරීක්ෂණය වන තත්‍ය කාලීන ස්පොට් මිලට ප්‍රතිබිම්බයක් ලෙස ක්‍රියා කරයි. Bybit විසින් ලික්විඩේෂන් සඳහා ප්‍රේරකයක් (trigger) ලෙසත්, අසාක්‍ෂාත් කරගත් ලාභ හා අලාභ (unrealized profit and loss) මැනීමටත් සලකුණු මිල භාවිත කරයි.
සලකුණු මිල බැලීමට, ඔබේ ප්‍රස්ථාරය අවසන් වරට වෙළඳාම් කළ මිල ප්‍රස්ථාරයෙන් සලකුණු මිල ප්‍රස්ථාරයට මාරු කරන්න.

ඔබට ඇණවුම් පොතහි පෙන්වන සලකුණු මිල ද, වර්තමාන අවසන් වරට වෙළඳාම් කළ මිලහි දකුණු පස පිහිටි කහ පැහැති මිල මගින් දක්වා ඇති ලෙස, දැකගත හැකි ය.
අවසන් වරට වෙළඳාම් කළ මිල ප්‍රස්ථාරයේ, සලකුණු මිලහි වෙනස්කම් නියෝජනය කරන කහ රේඛාවක් ද ඔබට දැකගත හැකි ය. පෙරනිමියෙන්, එය අවසන් සලකුණු මිල පෙන්වයි. ඔබේ පොසිෂන් හි දිශාව අනුව සලකුණු මිලහි වඩාත් නිවැරදි නිරූපණයක් ලබාගැනීමට සලකුණු මිල තීරුවේ පිහිටා ඇති සැකසුම් අයිකනය මත ක්ලික් කරන්න.

ඔප්ෂන්ස් වෙළඳාම් සඳහා
ඇණවුමක් තැබීම/පොසිෂන් එකක් විවෘත කිරීම කෙසේද.
පියවර 1: ඔබේ වෙළඳ ද්වාරය පිටුවෙන් හෝ මුල් පිටුවෙන්, ඔබේ කර්සරය ට්‍රේඩ් ටැබය මතට ගෙන යන්න, ඉන්පසු ඔප්ෂන්ස්, ඉන්පසු ඔබට USDT හෝ USDC ඔප්ෂන්ස් බලන්න අවශ්‍යදැයි තෝරා, කැමති නිෂ්පාදනයක් මත ක්ලික් කරන්න (ප්‍රධාන අතුරුමුහුණතෙන් පසුව ඔබට එය වෙනත් ඔප්ෂන්ස් කොන්ත්‍රාත්තුවකට වෙනස් කළ හැකි ය).

පියවර 2: ඔබ අතුරුමුහුණත භාවිත කරන පළමු අවස්ථාව මෙය නම්, Bybit මත ඔප්ෂන්ස් පිළිබඳ පැහැදිලි කිරීමක් සපයන කවුළුවක් ඔබට දැකගත හැකි වේ. වේදිකාවේ ප්‍රධාන ඔප්ෂන්ස් දාමය වෙත යාමට එක් එක් පැහැදිලි කිරීමේ පියවරේදී ඊලඟ මත ක්ලික් කරන්න.

පියවර 3: ප්‍රධාන ඔප්ෂන්ස් දාම අතුරුමුහුණත තුළ, නිශ්චිත කොන්ත්‍රාත්තුවක්, කල් ඉකුත් වන දිනයක් සහ (වම් පසින්) කෝල් හෝ (දකුණු පසින්) පුට් තෝරන්න.

පියවර 4: ඔබ දාමයෙන් කෝල් හෝ පුට් ඔප්ෂන්ස් ඇණවුමක් තෝරාගත් පසු, දකුණු පසින් ඇණවුම් තිරයක් දිස්වනු ඇත. ඔබේ ඔප්ෂන්ස් ඇණවුම් විස්තර මෙහි සඳහන් කරන්න (වෙළඳපල හෝ සීමිත ඇණවුම, සහ වෙළඳපල ඇණවුම් සඳහා ප්‍රමාණය හෝ සීමිත ඇණවුම් සඳහා ප්‍රමාණය සහ (සීමිත) මිල ). එසේම මිල දී ගන්න හෝ විකුණන්න තෝරන්න.

පියවර 5: ඔබේ ඇණවුම් විස්තර සඳහන් කළ පසු, ඇණවුම් පැනලයේ පහළභාගයේ ඇති මිල දී ගන්න/විකුණන්න බොත්තම ක්ලික් කරන්න. ඔබේ ඇණවුම් විස්තර තහවුරු කිරීමට ඉල්ලා සිටින තිරයක් ඔබට පෙනෙනු ඇත. ඔබේ ඇණවුම සමාලෝචනය කර, තහවුරු කරන්න මත ක්ලික් කරන්න. ඔබේ ඔප්ෂන්ස් ඇණවුම නිර්මාණය වේ.

Bybit ජංගම යෙදුම තුළ වෙළඳාම් විවෘත කිරීම
ඔබට Bybit ජංගම යෙදුම මගින් Bybit මත ස්පොට් සහ ඩෙරිවෙටිව්ස් නිෂ්පාදන ද භාවිත කළ හැකි ය. ඔබට එය තවමත් නොමැති නම්, පළමුව Bybit වෙබ් අඩවිය, App Store හෝ Google Play වෙතින් යෙදුම බාගත කර ඔබේ ජංගම උපාංගයේ ස්ථාපනය කරන්න. ඩෙස්ක්ටොප් අනුවාදයේ මෙන්ම, වේදිකාවේ ඇති සියලුම ප්‍රධාන වෙළඳ නිෂ්පාදන සහ සේවාවන් වෙත ප්‍රවේශ වීමට Bybit යෙදුම ඔබට ඉඩ සලසයි.
Bybit යෙදුම තුළ ස්පොට් වෙළඳාම් විවෘත කිරීම
පියවර 1: යෙදුම විවෘත කළ පසු, පහළ මෙනුවේ ඇති ට්‍රේඩ් මත තට්ටු කරන්න.
පියවර 2: පෙරනිමියෙන් සක්‍රිය කර ඇති ස්පොට් කොටස සමග ඔබව ඔබේ වෙළඳ පිටුවට ගෙන යනු ඇත. ඔබ ස්පොට් කොටසේ නොමැති නම්, ඉහළ මෙනුවේ ඇති ස්පොට් මත තට්ටු කරන්න.

පියවර 3: ඔබේ ඇණවුම තැබීමට ඉහත තිරයේ ඇති කොළ පැහැති මිලදී ගන්න හෝ රතු පැහැති විකුණන්න බොත්තම මත තට්ටු කරන්න. ඔබව ස්පොට් ඇණවුම් අතුරුමුහුණත වෙත යොමු කරනු ලබන අතර, එහිදී ඔබට ඔබේ ඇණවුම් විස්තර සැපයීමට, දැනට පවතින ඇණවුම් පරීක්ෂා කිරීමට, ඒවා අවලංගු කිරීමට සහ අනෙකුත් සියලුම මෙහෙයුම් සිදු කිරීමට හැකිය (ඉහත අදාළ කොටසේ විස්තර කර ඇති පරිදි, ඩෙස්ක්ටොප් අනුවාදයේ මෙන්).

Bybit යෙදුම තුළ ඩෙරිවෙටිව්ස් වෙළඳාම් විවෘත කිරීම
ෆියුචර්ස් වෙළඳාම් සඳහා
පියවර 1: යෙදුම විවෘත කළ පසු, පහළ මෙනුවේ ඇති ට්‍රේඩ් මත තට්ටු කරන්න.
පියවර 2: ඉහළ මෙනුවේ ඇති ෆියුචර්ස් ටැබය මත තට්ටු කරන්න.

පියවර 3: ඔබේ ඇණවුම තැබීමට කොළ පැහැති ලෝන්ග් හෝ රතු පැහැති ෂෝර්ට් බොත්තම මත තට්ටු කරන්න. ඔබව ෆියුචර්ස් ඇණවුම් පිටුව වෙත ගෙන යනු ඇත. එහිදී ඔබට ඔබේ ඇණවුම් විස්තර සඳහන් කිරීමට, ඔබේ දැනට පවතින ඇණවුම් පරීක්ෂා කිරීමට, ඒවා අවලංගු කිරීමට සහ අනෙකුත් සියලුම මෙහෙයුම් සිදු කිරීමට හැකිය (ඩෙස්ක්ටොප් අනුවාදයේ මෙන්).
ඔප්ෂන්ස් වෙළඳාම් සඳහා
පියවර 1: යෙදුම විවෘත කළ පසු, පහළ මෙනුවේ ඇති ට්‍රේඩ් මත තට්ටු කරන්න.
පියවර 2: ඉහළ මෙනුවෙහි ඇති ඔප්ෂන්ස් ටැබය මත තට්ටු කරන්න.
පියවර 3: ප්‍රධාන ඔප්ෂන්ස් තිරය තුළ, ඔබට අතුරු මුහුණත් ක්‍රම තුනකින් තෝරා ගත හැකිය: Easy, Discover සහ Pro. කැමති තේරීමක් මත තට්ටු කිරීමෙන් ඔබට මාදිලිය වෙනස් කළ හැකි ය.
Easy මාදිලිය ආරම්භකයින් සඳහා නිර්මාණය කර ඇති අතර, ජනප්‍රිය ඔප්ෂන්ස් නිෂ්පාදන අතරින් ඉක්මනින් තෝරා ගැනීමට ඔවුන්ට ඉඩ සලසයි. ඔබට පවතින තේරීම් නරඹා, ඔබ කැමති ඔප්ෂන්ස් කොන්ත්‍රාත්තුවට යාබදව ඇති දැන් මිල දී ගන්න මත තට්ටු කළ හැකි ය. ඔබට ඇණවුමක් කිරීමට අවශ්‍ය ප්‍රමාණය සඳහන් කළ හැකි තිරයකට ඔබව ගෙන යනු ඇත, සහ කොන්ත්‍රාත්තුව සක්‍රිය කිරීමට මිල දී ගන්න බොත්තම මත තට්ටු කරන්න.

Discover මාදිලිය ප්රවණතා, ඉක්මනින් කල් ඉකුත් වන සහ අනෙකුත් කැපී පෙනෙන ඔප්ෂන්ස් කොන්ත්‍රාත්තු තෝරාගැනීමක් පෙන්වයි. ඔබ කැමති කොන්ත්‍රාත්තුව මත තට්ටු කරන්න, ඔබට මිල දී ගැනීමට අවශ්‍ය ප්‍රමාණය සඳහන් කර, කොන්ත්‍රාත්තුව සක්‍රිය කිරීමට Buy බොත්තම මත තට්ටු කරන්න.

Pro මාදිලිය පළපුරුදු ඔප්ෂන්ස් වෙළඳුන් සඳහා නිර්මාණය කර ඇත. එය පවතින සියලුම කෝල් සහ පුට් කොන්ත්‍රාත්තු සහ ඒවාට අනුරූප කල් ඉකුත්වන දිනයන් ඇතුළුව සම්පූර්ණ ඔප්ෂන්ස් දාමය පෙන්වයි. ඔප්ෂන්ස් ජාලකය තුළ, ඔබ කැමති කොන්ත්‍රාත්තුව, කල් ඉකුත්වන දිනය සහ කෝල් ඔප්ෂන් (වම් පසින්) හෝ පුට් ඔප්ෂන් (දකුණු පසින්) තෝරන්න. ඔබ ඔබේ තේරීම මත තට්ටු කළ පසු, ගෝ ටු ට්‍රේඩ් බොත්තම දිස්වනු ඇත. මෙම බොත්තම මත තට්ටු කරන්න. එවිට ඔබව ඇණවුම් පිටුවට ගෙන යනු ඇත. එහිදී ඔබට ඔබේ ඇණවුම් විස්තර සඳහන් කර ඔප්ෂන්ස් කොන්ත්‍රාත්තුව මිල දී ගැනීමට හෝ විකුණීමට හැකිය.

දැන් ඔබ Bybit මත වෙළඳාමක් විවෘත කරන ආකාරය දන්නා බැවින්, ඔබට ඔබේ වෙළඳාම් සහ ආයෝජන ගමන ආරම්භ කිරීමට ඉදිරියට යා හැකි ය. ඔබට කවදා හෝ අවිනිශ්චිත නම් හෝ සහාය අවශ්‍ය නම්, ඔබට අපගේ 24/7 පාරිභෝගික සහාය සම්බන්ධ කර ගත හැක, නැතහොත් වැඩිදුර මාර්ගෝපදේශ සඳහා අපගේ Bybit Learn පිටුව පරීක්ෂා කරන්න.
#LearnWithBybit
Grab Up to 100 USDT in Rewards
Also, enjoy 555% APR on Bybit Earn products!